November 28, 2026

දෙවුන්දරට දකුණු දෙසින් වූ අන්තර්ජාතික මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන කිසිදු රටකට අයත් නොවන යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

එම යාත්‍රාවේ සිටි විදේශීකයන් හත්දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

වැඩිදුර විමර්ශන සහ නීතිමය පියවර ගැනීම සඳහා අදාළ යාත්‍රාව සහ සැකකරුවන් සිකුරාදා (27) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකටයුතු මත්ද්‍රව්‍ය වර්ගය හෝ ඒවායේ ප්‍රමාණය පිළිබඳ තොරතුරු නාවික හමුදාව විසින් මෙතෙක් අනාවරණය කර නොමැත.