November 27, 2026

2011 වසරේදී යාපනයේදී දේශපාලන ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (27) පෙබරවාරි 12 වැනිදා දින නියම කළේය.

ගෝඨාභය රාජපක්ෂ අද පස්වරු 1.30 සිට පස්වරු 2.30 පමණ දක්වා වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් අතර, එම සාක්ෂි යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් සටහන් කරගන්නා ලදී.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටිමින් මෙම නඩුවට අදාළව සාක්ෂි ලබාදුන්නේය.