
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සන්නද්ධ ගැටුම් පැවති සමයේ මානුෂීය සහ වෛද්‍ය කාර්ය මණ්ඩල වෙත එල්ල වූ ප්‍රහාර පිළිබඳව විධිමත් ලෙස පිළිගෙන, ප්‍රසිද්ධියේ සමාව අයැද, වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට පුළුල් වන්දි ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය (OHCHR) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.
“මම බොහෝ වාරයක් මිය ගියෙමි: ශ්‍රී ලංකාවේ මානුෂීය ආධාර වෙත එල්ල වූ ප්‍රහාර, වසර 20කට පසු” (I Died Many Times: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On) යන මැයෙන් නිකුත් කර ඇති පිටු 40කින් යුත් නව වාර්තාවකින් එම කාර්යාලය පෙන්වා දෙන්නේ, ගැටුම් සමයේදී සිදු වූ ජාත්‍යන්තර නීතියේ බරපතළ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම තවමත් බොහෝ දුරට ගිලිහී ගොස් ඇති බවයි.
විශේෂයෙන්ම 2006 වසරේ සිට 2009 මැයි මාසය දක්වා කාලය තුළ මානුෂීය සේවකයින්, රෝහල් සහ සහන මෙහෙයුම් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හුදෙකලා සිදුවීම් නොව, අඛණ්ඩව ක්‍රියාත්මක වූ රටාවක කොටසක් බව එම වාර්තාව මගින් අනාවරණය කර ඇත.
ශ්‍රී ලංකා හමුදාව, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) සහ වෙනත් සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධ වූ මෙම ප්‍රහාර පිළිබඳව විශ්වසනීය විමර්ශනයක් කිරීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට බලයට පත් වූ ශ්‍රී ලංකා රජයන් අපොහොසත් වී ඇති බවට ද එම වාර්තාව චෝදනා කරයි.
මෙම වාර්තාව මගින් ප්‍රධාන සිදුවීම් හතරක් පිළිබඳව විමර්ශනය කර තිබේ:
2006 ජනවාරි මාසයේදී දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ (TRO) කාර්ය මණ්ඩලය අතුරුදන් වීම.
2006 අගෝස්තු මාසයේදී මුතූර්හිදී ‘ඇක්ෂන් කොන්ට්රේ ලා ෆේම්’ (Action Contre la Faim) ආයතනයේ මානුෂීය සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම.
2009 ජනවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර රථ පෙළකට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සහ බාධා කිරීම.
2009 වසරේදී පුදුකුඩිඉරිප්පු රෝහලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසන පරිදි, මෙම සිදුවීම් හතරෙන් කිසිවක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙකුට එරෙහිව අපරාධමය වගකීමක් පවරා නොමැත.
රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය යන දෙපාර්ශ්වයම විසින් පනවන ලද සීමාවන් හේතුවෙන් මානුෂීය මෙහෙයුම් දුර්වල වූ බවත්, සිවිල් වැසියන්ගේ දුක් වේදනා ඉහළ ගිය බවත් මෙම වාර්තාව පිළිගෙන ඇත.
එමෙන්ම, ගැටුම් සමයේදී සිවිල් වැසියන් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කිරීමට සහ පූර්ව අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම ඇතුළු තමන්ගේම ආයතනික අසාර්ථකත්වයන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙහිදී පිළිගෙන තිබේ.
ශ්‍රී ලංකාව විසින් පහත සඳහන් පියවර ගත යුතු බවට ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිර්දේශ කර ඇත.
ප්‍රසිද්ධියේ සමාව අයැදීම සහ වින්දිතයින්ට හා ඔවුන්ගේ පවුල්වලට වන්දි ලබා දීම.
ස්වාධීන අභිචෝදක යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.
මානුෂීය ආධාර වෙත එල්ල වූ ප්‍රහාර සහ පැනවූ සීමාවන් පුළුල් ප්රතිපත්තියක හෝ සැලැස්මක කොටසක් වූයේ ද යන්න විමර්ශනය කිරීම.
යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ දේශීය නීති පද්ධතියට ඇතුළත් කිරීම.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්රඥප්තියට ඇතුළත් වීම.
ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කිරීම සහ වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම.
වින්දිතයින්, මානව හිමිකම් ආරක්ෂකයින් සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම සහ ඔවුන් පිළිබඳ ඔත්තු බැලීම නතර කිරීම.
දේශීය වගවීමේ ක්‍රියාවලීන් ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී, ජාත්‍යන්තර විමර්ශන, නඩු පැවරීම්, ඉලක්කගත සම්බාධක පැනවීම සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ මානව හිමිකම් පසුබිම පරීක්ෂා කිරීම සිදු කරන ලෙස ද එම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
2026 සැප්තැම්බර් 24 වන දින තමන් ශ්‍රී ලංකා රජය වෙත ප්‍රශ්න 27ක් යොමු කළ බවත්, අනතුරුව අදහස් දැක්වීම සඳහා නොවැම්බර් 3 වන දින වාර්තාවේ පූර්ව පිටපතක් ලබා දුන් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසයි.
කෙසේ වෙතත්, වාර්තාව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන තෙක් ශ්‍රී ලංකා රජයෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොතිබූ බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart