November 26, 2026

තර්ජනවලට හෝ බලපෑම්වලට රජය කිසිසේත්ම යටත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැත්වෙන හමුවකට අද එක්වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කරන ලද්දේ, රාජ්‍ය අංශයේ සේවකයන් ආරක්ෂා කරන, ඔවුන්ගේ දුක්ගැනවිලි හඳුනාගන්නා සහ හැකි උපරිමයෙන් ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ආණ්ඩුවක් දැන් ශ්‍රී ලංකාව තුළ පවතින බවයි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

“සමහර අය හිතනවා, මේ ආණ්ඩුවෙන් තව ටිකක් කෑගැහුවොත් ගන්න පුළුවන් වෙයි කියලා. මම කියන්නේ මේ ආණ්ඩුව, කවදාවත් කෑගහලා ගන්නත් බෑ, කෑගැහුවට දෙන්නෙත් නෑ. කෑගහන්න කළින් දෙනවා. කෑගහන්න කලින් දෙන්නේ. මම කියන්නේ සමහර අයට තිබුණ ප්‍රශ්නේ, මේ තරම් මූලික වැටුපක් වැඩිකළා ඒගොල්ලන්ට කෑගහන්න අවස්ථාවක් නොදී. ඔන්න ප්‍රශ්නේ. අපිත් එක්ක කතාකළා නම් ඉවරනේ. නෑ, අපි හඳුනාගත්ත ප්‍රශ්නේ තියෙන්නේ. අපි දන්න ප්‍රශ්නේ. අපි ඒ ප්‍රශ්නේ විසඳනවා.

ඒකට අපිට පාරට බැහැලා කවුරුත් කෑගහන්න ඕනේ නැහැ, කවුරුත් උද්ඝෝෂණය කරන්න ඕනේ නැහැ, කවුරුත් පිකටින් කරන්න ඕනේ නැහැ, කවුරුත් වැඩවර්ජනය කරන්න ඕනේ නැහැ. අපි හඳුනාගත්ත ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් මේක. ඒ ප්‍රශ්න හඳුනාගැනීම සඳහා අපි වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරනවා.”