
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන මතීෂ පතිරණ සහ වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 2 බැගින් වූ මූලික මිලක් යටතේ ලියාපදිංචි වී ඇති බව ESPNcricinfo වෙබ් අඩවිය උපුටා දක්වමින් වාර්තා පළ වී තිබේ.
පසුගිය අඟහරුවාදා කණ්ඩායම් හිමිකරුවන් වෙත යොමු කරන ලද මූලික වෙන්දේසි ලේඛනයට ඉන්දීය ක්‍රීඩකයින් 939 දෙනකු සහ විදෙස් ක්‍රීඩකයින් 281 දෙනකු ඇතුළුව සමස්ත ක්‍රීඩකයින් 1,220 දෙනකු ඇතුළත් වේ. කෙසේ වෙතත්, කණ්ඩායම් 10 තුළ පවතින සමස්ත පුරප්පාඩු සංඛ්‍යාව 66ක් පමණක් වන අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් සඳහා වෙන් වූ ස්ථාන 25ක් ද ඇතුළත්ය.
හිටපු එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ද ඉන්දීය රුපියල් කෝටි 2ක ඉහළම මූලික මිල යටතේ ලියාපදිංචි වී සිටින ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික ක්‍රීඩකයින් අතර වේ. මෙම IPL කුඩා වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් 16 වැනි දින ඉන්දියාවේ ගෝවා (Goa) නුවරදී පැවැත්වීමට නියමිතය.
එළඹෙන තරග වාරයට පෙර සිය කණ්ඩායම් විසින් නිදහස් කරන ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හය දෙනා අතරට පතිරණ සහ හසරංග ද ඇතුළත් වූ අතර, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, දිල්ෂාන් මධුශංක සහ දුෂ්මන්ත චමීර එලෙස නිදහස් කෙරුණු සෙසු ක්‍රීඩකයෝ වෙති.
අතිරේක ක්‍රීඩකයින් ඉල්ලුම් කිරීම සඳහා කණ්ඩායම් හිමිකරුවන්ට නොවැම්බර් 27 වැනි දින දක්වා කාලය ලබා දී ඇති අතර, අවසන් වෙන්දේසි ලැයිස්තුව සඳහා තමන් කැමති ක්‍රීඩකයින්ගේ නම් ඉදිරිපත් කිරීමට දෙසැම්බර් 1 වැනි දින දක්වා අවස්ථාව හිමිවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart