November 24, 2026

‘තුති පිදීමේ දිනය’ (Thanksgiving Day) නිමිත්තෙන් එළැඹෙන නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තබන බව එම කාර්යාලය නිවේදනය කරයි.

සිය ‘X’ ගිණුමේ නිල සටහනක් තබමින් තානාපති කාර්යාලය මේ බව දැනුම් දී ඇති අතර, නොවැම්බර් 30 වැනි සඳුදා දින සිට කාර්යාල කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.