
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින නේපාල අග්‍රාමාත්‍ය බලේන්ද්‍ර ෂා, නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවිය.
එහිදී රාෂ්ට්‍රපති භවන් මන්දිරයේදී ඔහු වෙත උත්සවාකාර පිළිගැනීමක් හිමිවිය.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අයෝධ්‍යා නගරය සහ නේපාලයේ ජනක්පූර් ධාම් යා කරමින් නවදිල්ලියේ සිට ක්‍රියාත්මක වන ‘සර්යු-කමලා එක්ස්ප්‍රස්’ නව සතිපතා දුම්රිය සේවය දෙරටේ නායකයින් විසින් පසුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කිරීමට නියමිතය.
මාර්තු 27 වන දින අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු නේපාල අග්‍රාමාත්‍යවරයා විදේශයක ද්විපාර්ශ්වික සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී නිව්යෝර්ක් නුවර සංචාරය කර තිබුණි.
නව නේපාල අග්‍රාමාත්‍යවරුන් සිය පළමු නිල ද්විපාර්ශ්වික විදේශ සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීම දිගුකාලීන සම්ප්රදායකි.
35 හැවිරිදි ෂා රාෂ්ට්‍රපති භවන් හි පැවති උත්සවාකාර පිළිගැනීමෙන් අනතුරුව මහත්මා ගාන්ධිතුමාට උපහාර දැක්වීම සඳහා රාජ්ඝාට් වෙත යාමට නියමිතය. හයිද්‍රාබාද් මන්දිරයේදී අග්‍රාමාත්‍ය මෝදි සමඟ පැවැත්වෙන මිනිත්තු 30ක පෞද්ගලික ද්විපාර්ශ්වික හමුවට පෙර ඔහු ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු ද හමුවනු ඇත. ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් සහ ඒකාබද්ධ ප්‍රකාශ හුවමාරු කර ගැනීමට නියමිතය.
‘ද කත්මන්ඩු පෝස්ට්’ පුවත්පත වාර්තා කර ඇති පරිදි, ඉන්දීය ගුවන් සීමාව හරහා අමතර ගුවන් ප්‍රවේශ මාර්ග ලබා දෙන ලෙස නේපාලය දිගු කලක සිට කරන ඉල්ලීම, ආපදාවලින් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වන ආධාර සහ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අනෙකුත් ක්ෂේත්‍ර ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම භෛරහවා සහ පොකාරා යන ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙකෙහි ජාත්‍යන්තර ගුවන් සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය ගුවන් සීමාව හරහා අමතර ගුවන් ප්‍රවේශ ස්ථාන ලබා ගැනීමට නේපාලය දිගු කලක සිට උත්සාහ දරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart