
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව, වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් (DIG) හයදෙනකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ඒ අනුව, රාජ්‍ය බුද්ධි සේවය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ එච්.කේ.ආර්. ප්‍රනාන්දු පොලිස් විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත.
මේ අතර, පොලිස් සුබසාධක කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළ ඩබ්ලිව්.යූ. ගිනිගේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට මාරුකර ඇති අතර, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කේ.ඒ.ජේ. කොඩිතුවක්කු පොලිස් සුබසාධක කොට්ඨාසයට මාරු කර තිබේ.
මීට අමතරව, කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඕෂාන් හේවාවිතාරණ යාපනය දිසාවට මාරු කර ඇති අතර, යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන කළුතර දිසාවට මාරු කර ඇත.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ජේ. පත්මිණි කෑගල්ල දිසාවට මාරුකර තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart