
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග යොදගනිමින් දේශපාලන විරුද්ධවාදීන් මැතිවරණ තරඟවලින් ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙස විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර ආණ්ඩුවට අනතුරු අඟවයි. ඒ තුළින් ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය බරපතළ අභියෝගයකට ලක්ව ඇති බව ඔහු පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තුව අමතමින් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ, දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය භාවිත කරන ආණ්ඩුවක්, ඊළඟ මැතිවරණයේදී ඡන්දදායකයන්ට මුහුණ දීමට ඇති ආත්ම විශ්වාසය හීන වී ඇති බව පෙන්නුම් කරන බවයි.
“මැතිවරණයේදී ඔබේ ප්‍රතිවාදීන්ට මුහුණදීමට ධෛර්යය ඇති කරගන්න. තීරණය ජනතාවට භාරදෙන්න” යැයි ඔහු පැවසීය.
නීතියේ දක්වා ඇති කොන්දේසිවලට යටත්ව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සහතිකයක් මත පදනම්ව සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රාත්වරයකුට බලය පවරන දූෂණ විරෝධී පනතේ 149 වැනි වගන්තිය පිළිබඳව ද මන්ත්‍රීවරයා සිය අවධානය යොමුකළේය.
විපක්ෂ මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධ නීතිමය කටයුතු ගැන සඳහන් කරමින් දයාසිරි ජයසේකර ප්‍රශ්න කර සිටියේ, රඳවා තබාගැනීමට නියෝග කිරීමට පෙර එවැනි සහතික සඳහා පාදක වූ කරුණු පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත්වරුන්ට ප්‍රමාණවත් බලයක් තිබේද යන්නයි.
වරදකරු හෝ නිර්දෝෂීභාවය තීරණය කිරීම අධිකරණයට අයත් කාර්යයක් බව අවධාරණය කළ ඔහු, රඳවා තබාගැනීමට හේතු වූ කරුණු අභියෝගයට ලක්කිරීමට සෑම පුරවැසියකුටම අර්ථවත් අවස්ථාවක් තිබිය යුතු බව සදහන් කළේය.
විසදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට ආණ්ඩුව ගත් තීරණය පිළිබඳව ද දයාසිරි ජයසේකර ප්‍රශ්න කළේය.
දැනට සේවයේ සිටින විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම වෙනුවට, අනාගත අධිකරණ පත්වීම් සඳහා එම වෙනස්කම් අදාළ කරගැනීමට හැකියාව තිබූ බව ඔහු පෙන්වාදුන්නේය.
ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සම්බන්ධ කරුණු සහ යෝජිත ජාතික ආරක්ෂක නීති ඇතුළු දේශපාලනික වශයෙන් සංවේදී නඩු විභාග කරන විනිසුරු මඩුලු පත්කිරීමේදී මීට වඩා විනිවිදභාවයක් තිබිය යුතු බවට ද විපක්ෂ මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
විනිසුරු මඩුලු පත්කිරීමේ මූලධර්ම සහ වැදගත් නඩු විභාග කිරීමට තෝරාගන්නා විනිසුරුවරුන්ගේ වාර්තා ප්‍රසිද්ධියට පත්කරන ලෙස ඔහු යෝජනා කළේය.
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය සමඟ සැසඳීම් කරමින් දයාසිරි ජයසේකර සිහිපත් කරන ලද්දේ, 1980 දී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව විසින් හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින්, 1982 ජනාධිපතිවරණයට තරඟ කිරීම ඇයට වළක්වාලූ ආකාරයයි.
දේශපාලන විරුද්ධවාදීන් මැතිවරණ තරඟයෙන් ඉවත්කිරීමට නීතිමය ක්‍රමවේද භාවිත කිරීමෙන් එවැනිම වැරදි නැවත සිදුවිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
“මැතිවරණ තරඟයෙන් ප්‍රතිවාදියකු ඉවත් කිරීමට ඔබ අපරාධ නීතිය භාවිත කරන්නේ නම්, ඔබ ඒ ප්‍රතිවාදියාට කරන්නේ ජේ.ආර්. සිරිමාවෝට කළ දෙයමයි” යැයි ඔහු පැවසීය.
1994 දී සිරිමාවෝ බණ්ඩාරනායක නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වෙමින් බලයට පැමිණි බව පාර්ලිමේන්තුවට සිහිපත් කරමින් දයාසිරි ජයසේකර සිය කතාව අවසන් කළේය.
“අවසාන සිනහව හිමිවුණේ සිරිමාවෝටයි” ඔහු පැවසීය.
දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, විපක්ෂ දේශපාලනඥයන්, ආණ්ඩුවේ ආධාරකරුවන්, වෘත්තීය සමිති නායකයන් සහ සාමාන්‍ය පුරවැසියන් යන සියලු දෙනාටම එකම නීතිමය රැකවරණය හිමිවිය යුතු බව අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart