
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිව්යෝර්ක් නගරයේ සියවසකට වැඩි ඉතිහාසයක් ඇති අශ්ව කරත්ත කර්මාන්තය 2028 ජුනි 1 වැනි දින වන විට ක්‍රමයෙන් අවසන් කිරීමේ නීති කෙටුම්පතට නගරාධිපති සොහ්රාන් මම්දානි නිල වශයෙන් අත්සන් තබා තිබේ.
පසුගිය ජුනි මාසයේදී සෙන්ට්‍රල් පාර්ක් උද්‍යානයේදී අශ්වයකු කලබල වීම නිසා කරත්තයෙන් ඇදවැටී මියගිය 18 හැවිරිදි ඉන්දීය සංචාරකයකු වන රොමාන්ච් මහාජන් සිහිපත් කිරීම සඳහා මෙය ‘රොමාන්ච්ගේ නීතිය’ (Romanch’s Law) ලෙස නම්කර ඇත.
තම ජීවනෝපාය අහිමි වීම පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින කම්කරු සමිති සහ අධික වෙහෙස නිසා අශ්වයන් මියයෑම පිළිබඳව දිගු කලක් තිස්සේ හඬ නඟන සත්ත්ව සුබසාධන ක්‍රියාකාරීන් අතර මෙම පියවර සම්බන්ධයෙන් බෙදීමක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
බ්‍රහස්පතින්දා (19) පැවැති පනතට අත්සන් තැබීමේ උත්සවයේදී අදහස් දැක්වූ නගරාධිපති මම්දානි මෙසේ පැවසීය.
“වසර 150ක් පුරා අශ්ව කරත්ත සෙන්ට්‍රල් පාර්ක් උද්‍යානයේ අනිවාර්ය අංගයක් වී තිබුණා. අද අපි එම පරිච්ඡේදය අවසන් කරනවා. මෙම කර්මාන්තය අවසන් වනු ඇති අතර, ඒ මත තම ජීවනෝපාය රඳාපවතින පිරිස් වෙනුවෙන් අපට වගකීමක් තිබෙනවා. ඔවුන්ගේ මීළඟ පරිච්ඡේදය ගොඩනඟා ගැනීමට අවශ්‍ය මූල්‍ය ආධාර සහ වෘත්තීය අවස්ථා ඔවුන්ට ලැබෙන බව සහතික කිරීමට අපි ඔවුන් සමඟ එක්ව කටයුතු කරනවා.”
පනතට අත්සන් තැබීමට පෙර අඟහරුවාදා දිනයේදී මම්දානි පරිපාලනය විසින් බලපත්‍ර හිමියන් (medallion owners), කරත්ත රියදුරන් සහ අශ්ව ගාල් සේවකයන් ඇතුළු බලපෑමට ලක් වූ සේවකයින් 200කට පමණ සහාය වීමේ රාමුවක් එළිදක්වන ලදී. 2027 අප්‍රේල් වන විට නිකුත් කිරීමට නියමිත පුළුල් සංක්‍රාන්ති සැලැස්මක් මගින් ප්‍රවාහන කම්කරු සංගමය සමඟ සම්බන්ධ වෙමින් බලපත්‍ර නැවත මිලදී ගැනීම්, දීමනා සහ වෘත්තීය ආධාර පිළිබඳව කරුණු දක්වනු ඇත.
නව ‘අශ්ව කරත්ත කම්කරු කර්මාන්ත වැඩසටහන’ යටතේ නගර නිලධාරීන් විසින් රැකියා පුහුණුව, වෘත්තීය උපදේශනය, ව්‍යවසායකත්ව සහාය, සේවා යෝජක සම්බන්ධතා සහ අධ්‍යාපන ගාස්තු ආධාර ලබාදීමට නියමිතය.
මීට අමතරව, සෙන්ට්‍රල් පාර්ක් උද්‍යානය තුළ සහ ඒ අවට විකල්ප ලෙස භාවිත කළ හැකි විදුලි කරත්ත සහ විදුලි පැඩල්-සහාය බයිසිකල් (electric pedal-assist bicycles) සඳහා නගරය විසින් ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart