
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (20) පෙරවරුවේ රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ නිරීක්ෂණයක නිරතවූවාය.
එහිදී කාන්තා වාට්ටු නිරීක්ෂණය කිරීමට එක් වූ අග්‍රාමාත්‍යවරිය, එහි නේවාසික වැඩිහිටියන්ගේ සහ රෝගීන්ගේ සුවදුක් විමසමින් ඔවුන් වෙත ආහාර ඇසුරුම් බෙදාදීමට කටයුතු කළාය.
කාන්තා වාට්ටු පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, නවීකරණය කරන ලද මුළුතැන්ගෙය ද අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක්විය.
පසුව පිරිමි වාට්ටු වෙත ගොස් එහි නේවාසික වැඩිහිටියන්ගේ සුවදුක් විමසා ඔවුන් වෙත ද ආහාර ඇසුරුම් පිරිනැමූ අග්‍රාමාත්‍යවරිය, වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහක ද නිරතවූවාය.
මෙම අවස්ථාවට කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති අරෝෂ අතපත්තු, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර, වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂ ජගත් කෝදාගොඩ සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart