November 19, 2026

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ලාෆ්ස් ගෑස් පීඑල්සී (LAUGFS Gas PLC) වෙත දඩ මුදලක් පැනවීමට කොළඹ කොටස් වෙළෙඳපොළපියවර ගෙන තිබේ.

ඒ, 2026 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව නියමිත කාලසීමාව තුළ ඉදිරිපත් කිරීමට සමාගම අපොහොසත් වීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් සමාගම ඉදිරිපත් කළ කරුණු දැක්වීම පිළිගත හැකි සාධාරණීකරණයක් නොවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

ඒ අනුව, කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමේ රීති සංග්‍රහයේ 7.5.3 (A) (4) (b) රීතිය යටතේ මෙම දඩය පැනවීමට පියවර ගෙන ඇති බව පෙරේදා 17 වැනිදා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

(උපුටාගැනීම – රතු ඉර පුවත්පත)