November 18, 2026

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇප ලබාදෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් දා නිකුත් කළ නියෝගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.