
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය මගින් පනවා තිබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.
අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර භික්ෂුව විසින් ගොනු කර තිබූ අභියාචනය සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, එම අභියාචනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
2016 වසරේ මාර්තු මස 30 වැනිදා කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවැති කූරගල විහාරස්ථානය පිළිබඳ මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් මගින් ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ඥානසාර භික්ෂුවට එරෙහිව නඩු පවරා තිබිණි.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වැනි වගන්තිය යටතේ ගොනු කර තිබූ මෙම චෝදනාවලට වරදකරු වූ ඥානසාර භික්ෂුවට 2024 වසරේදී කොළඹ මහාධිකරණය විසින් මෙම වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම නියම කළ අතර, එම භික්ෂුව විසින් ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය මෙලෙස නිෂ්ප්‍රභ කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart