
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල නිමවන තෙක් දරුවන් රැගෙන යාමට බලා සිටින මව්වරුන්ගේ කාලය ආදායම් ඉපයීමේ අවස්ථාවක් බවට පරිවර්තනය කරමින්, පවුල් කිහිපයක ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීමට මඟ පෑදූ මැහුම් වැඩසටහනක් පොළොන්නරුවේ විදුහල්පතිවරයකු විසින් හඳුන්වා දී තිබේ.
පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ ලංකාපුර කොට්ඨාසයට අයත් පුලස්තිගම අභයපුර මහා විද්‍යාලයේ විදුහල්පති එච්.ටී. චන්දන කුමාර විසින් මෙම සුවිශේෂී වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
සිසුන් 220ක් පමණ අධ්‍යාපනය ලබන මෙම පාසලේ බහුතරයක් දරුවන් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුල්වලට අයත් වේ.
මීට පෙර, තම දරුවන් පාසලට කැටුව එන මව්වරුන් පාසල නිමවන තෙක් අවට වෙළෙදසැල් අසල පැය ගණනක් නිකරුණේ කාලය ගත කළ අතර, එම කාලය තුළ කිසිදු ආදායමක් ඉපයීමට ඔවුන්ට අවස්ථාවක් නොතිබිණි.
මෙම දෙමාපියන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා හඳුනාගත් විදුහල්පති චන්දන කුමාර, ඔවුන් රැඳී සිටින කාලය ඵලදායී ලෙස යොදා ගැනීමට තීරණය කළේය.
ඒ අනුව, පාසලේ ඉවත දමා තිබූ පැරණි මහන මැෂිමක් අලුත්වැඩියා කිරීමෙන් මෙම කටයුත්ත ආරම්භ කළ විදුහල්පතිවරයා, කලාප අධ්‍යාපන කාර්යාලයේ ද සහාය ඇතිව දෙමාපියන් වෙනුවෙන් මැහුම් පුහුණු වැඩසටහනක් දියත් කළේය.
එහිදී බෑග්, කලිසම්, ගවුම්, කොට්ට උර සහ මදුරු දැල් ඇතුළු තවත් නිෂ්පාදන රැසක් මැසීමට මව්වරුන්ට පුහුණුව ලබා දුන් අතර, එමගින් ඔවුන්ට ස්වයං රැකියාවක නිරත වීමට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා හිමි විය.
මෙම වැඩසටහන කෙටි කලකින්ම ව්‍යාප්ත වූ අතර, දෙමාපියන් විසින් නිර්මාණය කරන ලද ඇඳුම් පැළඳුම් ප්‍රදර්ශනය කිරීම සඳහා පාසල විසින් ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබිණි.
එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මෙම වැඩපිළිවෙළට සහාය දැක්වීමක් ලෙස නව මහන මැෂින් දෙකක් ද පරිත්‍යාග කර ඇත.
අද වන විට දෙමාපියන් දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව ඇඳුම් ඇණවුම් භාර ගනිමින්, තමන් අලුතින් උගත් මැහුම් කුසලතා හරහා සාර්ථකව ආදායම් උපයමින් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart