
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයවැය ඉදිරිපත් කරමින් ආණ්ඩුව කුමන ප්‍රකාශ සිදු කළ ද ජනතාව ඒ පිළිබඳව සිහිබුද්ධියෙන් යුතුව සවන් දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව ඉන් ගොඩ ඒම සඳහා ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගත යුතු වුවද, එය හුදෙක් සියයට 7ත් 8ත් අතර ඉලක්කමකට පමණක් සීමා නොවිය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එම ආර්ථික වර්ධනය දත්ත මගින් පැහැදිලි කළ යුතු බවත්, ආයෝජන, ඉතිරි කිරීම්, විදේශ ඍජු ආයෝජන මෙන්ම ආයෝජන දිරිගැන්වීම් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
රජය විසින් පළමුව සිදු කළ යුත්තේ බාහිර පාර්ශව තුළ රට පිළිබඳ විශ්වාසය ගොඩනැගීම බව සඳහන් කළ මන්ත්‍රීවරයා, වර්තමානයේ රට මුහුණ දී සිටින බරපතළම අර්බුදයක් වන්නේ බුද්ධිගලනය බව ද ප්‍රකාශ කළේය.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මෙම අදහස් පළ කළ මන්ත්‍රීවරයා, දකුණු අප්‍රිකාවේ හිටපු නායක නෙල්සන් මැන්ඩෙලා මහතාගේ ප්‍රකාශයක් ද උපුටා දක්වමින් කියා සිටියේ, “බුද්ධිමතුන් නිහඬ වූ දාට මෝඩයින් පැටවු ගහන” බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart