
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර ගණනාවක් පුරා ප්‍රමාද වෙමින් පැවැති මෙරට වැදගත්ම සයිබර් ආරක්ෂණ ප්‍රතිසංස්කරණය වන ‘සයිබර් ආරක්ෂණ පනත’ (Cybersecurity Act) 2027 වසරේ මුල් භාගයේදී බලාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි.
2019 වසරේ සිට අවස්ථා කිහිපයකදී මෙම පනත කෙටුම්පත් කළද එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, නවතම පනත් කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ සඳහා යොමු කර අවසන් අදියරේ පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම නව නීතිය මගින් පූර්ණ බලතල සහිත ‘සයිබර් ආරක්ෂණ අධිකාරියක්’ (Cybersecurity Authority) පිහිටුවීමට නියමිතය. රටේ ඩිජිටල් පද්ධති සඳහා රෙගුලාසි හඳුන්වා දීමට, අනිවාර්ය සයිබර් විගණන පැවැත්වීමට සහ සයිබර් තර්ජනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙම අධිකාරියට බලය හිමිවනු ඇත.
මේ අතර, රාජ්‍ය ආයතනවල ඩිජිටල් ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළ ද මේ වන විට පුළුල් කර තිබේ. ශ්‍රී ලංකා CERT ආයතනය විසින් දැනට රාජ්‍ය ආයතන 150ක අඛණ්ඩ ආරක්ෂක පරීක්ෂණ සිදු කරන අතර ලබන වසරේදී එය ආයතන 250ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.
තවද, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) වෙත මේ වන විට ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, පාර්ලිමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු ප්‍රධාන ආයතන 17ක් සම්බන්ධ කර තිබේ.
2026 දෙසැම්බර් 31 වන විට තවත් රාජ්‍ය ආයතන 37ක් ඊට සම්බන්ධ කරන ලෙස අමාත්‍ය මණ්ඩලය නියෝග කර ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව 2029 වන විට ආයතන 150ක් දක්වා මෙම ආවරණය පුළුල් කිරීමට සැලසුම් කර ඇත.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් රටේ සයිබර් දුර්වලතා පිළිබඳ සංවේදී වාර්තා ප්‍රසිද්ධ නොකරන බවත්, නව අධිකාරියේ වගවීම පාර්ලිමේන්තුව හරහා තහවුරු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart