
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා සූදානම් වන සිසුන් පාසල් පැමිණීම අනිවාර්ය බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළ අතර, තම දරුවන් අඛණ්ඩව පාසල් යැවීමට වගබලා ගන්නා ලෙස මාපියන්ගෙන් ඉල්ලා සිටියාය.
ඉරිදා (15) අක්කරෙයිපත්තුව මුස්ලිම් ජාතික පාසලේ 80 වැනි සංවත්සර සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය කියාසිටියේ සෑම දරුවකුටම වසර 13ක අධ්‍යාපනයක් ලැබිය යුතු බවයි.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවලට පැමිණි විට ඇතැම් සිසුන් නිතිපතා පාසල් පැමිණීම නතර කිරීම පිළිබඳව ඇය සිය කනස්සල්ල පළකළාය.
“සෑම දරුවෙකුම පාසල් යා යුතුයි. සෑම දරුවෙකුටම වසර 13ක අධ්‍යාපනයක් ලැබිය යුතුයි. තම දරුවන් පාසල් යන බවට වගබලා ගන්නා ලෙස මම විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් ඇය පැවසුවාය.
අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා රජයේ කැපවීම පිළිබඳව ද අවධානය යොමුකළ අග්‍රාමාත්‍යවරිය, 2027 අයවැය යටතේ පාසල් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 562.4ක් ඇතුළුව සමස්ත අධ්‍යාපන ක්ෂේත්රය සඳහා රුපියල් බිලියන 749ක් වෙන් කර ඇති බව නිවේදනය කළාය.
මෙම මුදල් වෙන්කිරීම ශ්‍රී ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ ඉහළම මුදල බව ද ඇය සඳහන් කළාය.
දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය කියාසිටියේ, 2026 වසරේදී 1 ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් නව විෂය මාලාව 2027 වසරේදී 2 සහ 6 ශ්‍රේණි දක්වා ව්‍යාප්ත කරන බවයි.
පාසල් පද්ධතිය තුළම සිසුන්ට තාක්ෂණය, වෘත්තීය අධ්‍යාපනය සහ ප්‍රායෝගික ජීවන කුසලතා සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ බව ඇය පැහැදිලි කළාය.
අධ්‍යාපනය යනු විභාග සමත් වීමෙන් ඔබ්බට ගොස්, වේගයෙන් වෙනස් වන ලෝකයක සාර්ථක වීමට අවශ්‍ය නායකත්වය, කණ්ඩායම් හැඟීම, ධනාත්මක ආකල්ප සහ කුසලතා වර්ධනය කර ගැනීමට සිසුන්ට උපකාර විය යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
පසුබිම කුමක් වුවද ශ්‍රී ලංකාවේ සෑම දරුවකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය ඇති බවත්, සමාන අධ්‍යාපන අවස්ථා තහවුරු කිරීම රජයේ වගකීමක් බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart