
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නෙදර්ලන්තයේ ව්‍යාජ රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වෙමින් ඇතැම් පාර්ශ්වයන් විසින් පුද්ගලයන් නොමඟ යවන ජාවාරම් පිළිබඳව අනතුරු අඟවමින් ශ්‍රී ලංකාවේ පිහිටි නෙදර්ලන්ත තානාපති කාර්යාලය මෙම සතියේ නිවේදනයක් නිකුත් කර තිබේ.
දැනටමත් ඇතැම් පිරිස් මෙවැනි සාපරාධී ක්‍රියාවලට ගොදුරු වී ඇති බව තමන්ට අවබෝධ වී ඇති බව තානාපති කාර්යාලය පවසයි.
මෙම ජාවාරමේ කොටසක් ලෙස නෙදර්ලන්ත ආගමන විගමන සේවාවන්හි ව්‍යාජ ලිපි ද සංසරණය වෙමින් පවතින බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
“සෑම රැකියා වර්ගයක්ම සඳහා පාහේ නෙදර්ලන්තය විසින් රැකියා වීසා (work visas) නිකුත් කරනු නොලැබේ. ඉහළ නිපුණතාවක් සහිත උසස් තාක්ෂණික (High Skilled High Tech) රැකියා වැනි සුවිශේෂී අවස්ථාවලදී පමණක් සැබෑ රැකියා අවස්ථා තිබිය හැකිය. අනෙක් සියල්ල ව්‍යාජ ඒවා වේ,” යනුවෙන් එම නිවේදනයේ අවධාරණය කර ඇත.
නෙදර්ලන්තයේ රැකියා සඳහා බඳවාගැනීමේ කිසිදු කටයුත්තකට නෙදර්ලන්ත රාජධානියේ තානාපති කාර්යාලය පහසුකම් සපයන්නේ නැති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
“විවිධ පාර්ශ්වයන් විසින් ඔවුන්ට ලබා දෙන අවස්ථා පිළිබඳව කිසියම් හෝ මූල්‍යමය ගනුදෙනුවකට යොමු වීමට පෙර අදාළ සේවායෝජකයන්ගෙන් සෘජුවම විමසා බලන ලෙසත්, එවැනි ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් වහාම නීතිමය සහාය ලබා ගන්නා ලෙසත් අපි මහජනතාවට උපදෙස් දෙමු,” යනුවෙන් එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart