
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් අලි–මිනිස් ගැටුම අවම කිරීමත් අරමුණු කරගත් ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම යටතේ තිරප්පනය ප්‍රදේශයේ අද (14) ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ නිරීක්ෂණයට ලක්විය.
ගල්කුලම, ගැටමාලාකන්ද, මුරියාකඩවල, පෙරියමියන්කුලම, කිරින්දේගම, නිරාවිය, තලගුලු විහාරය, නබඩවැව, වන්නන්කුලම, ඔරුක්කන්කුලම සහ කුට්ටිමඩුව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මෙහිදී මෙහෙයුමේ ප්‍රගතිය සහ එය ක්‍රියාත්මක වන ආකාරය සියැසින් නිරීක්ෂණය කළහ.
එම අවස්ථාවට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ, අලි–මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීමටත්, වන අලි සම්පත මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටත් රජය ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බවයි. ඒ සඳහා ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ දායකත්වය අතිශය වැදගත් වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, 212 වන පාබල බලසේනාව යටතේ පවතින 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රධාන දායකත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.
මෙම විශේෂ මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීන් 07 දෙනකු සහ සෙසු නිලයන් 68 දෙනකු ඇතුළුව 75 දෙනකුගෙන් සමන්විත යුද හමුදා කණ්ඩායමක් එක්ව සිටිති.
එමෙන්ම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර සහ තිරප්පනේ බීට්ටු වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂකවරු 03 දෙනෙක්, අඩවි සහකාරවරු 06 දෙනෙක්, වනජීවී නියාමකවරු 08 දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ සහායක නිලධාරීන් 02 දෙනෙක් මෙම විශේෂ මෙහෙයුම සඳහා සහභාගී වෙති.
පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවීන්ද්‍ර කාරියවසම් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණු වන්නේ,
* වන අලි ඇතුන්ට මරණය හා තුවාල සිදුකරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම.
* ප්‍රදේශයේ පවතින නීතිවිරෝධී ගිනි අවි මෙන්ම දඩයම් කිරීම සඳහා යොදාගන්නා නීතිවිරෝධී උපකරණ, හක්කපටස් සහ අනවසර විදුලි වැටවල් ආදිය හඳුනාගෙන ඉවත් කිරීම.
* අලි ඇතුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම.
* අලි–මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කිරීම.
අලි ඇතුන්ගේ ජීවිතත්, මිනිස් ජීවිතත් එකසේ සුරක්ෂිත කිරීමේ ජාතික වගකීම පෙරදැරි කරගනිමින්, පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart