November 14, 2026

මහඔය – අරලගංවිල මාර්ගයේ මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා දිවෙන කොටස, විශේෂයෙන්ම පනිච්චා ඔය සිට කන්දේගම දක්වා වූ මාර්ග කොටස නොවැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දිනපතා පස්වරු 6.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා වසාතැබේ.

රාත්‍රී කාලයේදී ජාතික වනෝද්‍යානය හරහා ගමන් කරන වාහන හේතුවෙන්, මාර්ගය හරහා මාරුවන වනසතුන් අනතුරට ලක්වීම සහ මියයෑම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව බලධාරීන් විසින් මෙම රාත්‍රී කාලීන ගමනාගමන සීමාව නිවේදනය කර ඇත.

වනෝද්‍යානයේ වෙසෙන වනසතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, මාර්ගය වසාතබන එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.