
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකාවේ නිව් ඕර්ලියන්ස් වරාය ආසන්නයේ මිසිසිපි ගංගාවේ නැංගුරම් ලා තිබූ මගී ප්‍රවාහන යාත්‍රාවක පාලනය ගිලිහී ගිය ඉන්ධන නෞකාවක් ගැටීමෙන් ඊයේ (13) පුද්ගලයන් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. මෙම අනතුරත් සමඟ අදාළ මගී යාත්‍රාව පෙරළී ගොස් ඇත.
නිව් ඕර්ලියන්ස් බලධාරීන් සඳහන් කර ඇති පරිදි, ඊයේ මධ්‍යහ්නයේදී පමණ Atlantic Asphalt නැමැති ඉන්ධන නෞකාව American Heritage නැමැති සංචාරක යාත්‍රාවේ ගැටෙන අවස්ථාවේදී එහි පුද්ගලයන් 200 කට ආසන්න පිරිසක් සිට ඇත.
කෙසේවෙතත්, යාත්‍රාවේ සිටි සියලුම දෙනා නිරුපද්‍රිතව බේරාගැනීමට හැකි වී ඇති අතර, නිව් ඕර්ලියන්ස් නගරාධිපති හෙලේනා මොරෙනෝ (Helena Moreno) මෙම සිදුවීම හඳුන්වා ඇත්තේ “මිසිසිපි ගංගාවේ සිදුවූ ප්‍රාතිහාර්යයක්” ලෙසයි.
බරපතල නොවන තුවාල ලැබූ සංචාරක මගීන් 30 දෙනකු සහ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා ජලයට බැසීමේදී තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනකු මේ වන විට රෝහල්ගත කර ඇති බව බලධාරීන් තහවුරු කර ඇති අතර, මෙම අනතුරට කිසිදු දරුවකු මුහුණ දී නොමැති බව ද නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නගරාධිපති මොරෙනෝ පවසා ඇත්තේ, නෞකාව ගැටීමත් සමඟ මගීන් වහාම යාත්‍රාවෙන් පිටතට පැමිණීම ආරම්භ කළ බවයි.
කෙසේවෙතත්, ‘ඇමරිකන් හෙරිටේජ්’ යාත්‍රාව ඉතා ඉක්මනින් ගිලීයෑමට පටන් ගෙන පසුව සම්පූර්ණයෙන්ම පෙරළී යාම හේතුවෙන්, යාත්‍රාව තුළ ඉතිරිව සිටි කිහිපදෙනකු ගංගාවට වැටුණු බවත්, ඒ සමඟම ක්ෂණික හදිසි ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත් ඇය පැහැදිලි කර තිබේ .
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart