
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආහාර සුරක්ෂිතතා රෙගුලාසි උල්ලංඝනය කිරීම් 148 ක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය චීන ආහාර ව්‍යාපාර තුනකට රුපියල් 444,000 ක සමස්ත දඩ මුදලක් නියම කර තිබේ.
කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන ලද පරීක්ෂණ මත පදනම්ව එම නගර සභාව විසින් පවරන ලද නඩු කටයුතුවලින් අනතුරුව, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිකුරාදා (13) මෙම දඩ මුදල් නියම කරන ලදී.
කොළඹ ජනප්‍රිය සාප්පු සංකීර්ණයක් තුළ පවත්වාගෙන යන චීන අවන්හල් දෙකක් සහ අයිස්ක්‍රීම් නිෂ්පාදන ආයතනයක් මෙලෙස දඩ නියම වූ ව්‍යාපාර අතර වේ.
ආහාර සුරක්ෂිතතා නීති උල්ලංඝනය කිරීමේ චෝදනා 120 කට වරදකරුවන් වූ අදාළ අවන්හල් දෙකට පමණක් රුපියල් 360,000 ක දඩ මුදලක් නියම කර ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන ලද හදිසි වැටලීම්වලදී, නිසි ලේබල් නොමැතිව ආනයනික ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සහ පරිභෝජනය සඳහා යොදාගැනීම අනාවරණය වී තිබේ. එමෙන්ම කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තොග ද එම ස්ථානවල තිබී සොයා ගෙන ඇත.
මෙම අනාවරණයන්ගෙන් පසුව කොළඹ මහ නගර සභාව විසින් එම අවන්හල් පවත්වාගෙන යන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගෙන තිබිණි.
ඒ අනුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ව්‍යාපාර දෙකට රුපියල් 360,000 ක දඩ මුදලක් නියම කළ අතර, ආහාර සුරක්ෂිතතා රෙගුලාසි උල්ලංඝනය කිරීම් 148 ක් සම්බන්ධයෙන් මෙම ව්‍යාපාර තුනටම නියම වූ මුළු දඩ මුදල රුපියල් 444,000 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart