
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බළන්ගොඩ කස්සප භික්ෂුව ඇතුළු පිරිස සත්‍යග්‍රහය පැවැත්වූ රුවන්වැලි මහා සෑය ආසන්නයේ දන්සල් භූමිය අසල ස්ථානයට තවත් සිවිල් පුද්ගලයන් කණ්ඩායමක් සමග පැමිණ, සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් සහ අසල සිටි සිවිල් පුද්ගලයන් සමග ගැටුමක් ඇති කර ගත් බවට චෝදනා ලබා සිටින රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ඇතුළු කිසිදු සැකකරුවකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
එම පිරිස අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ජනමාධ්‍ය කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියකු පවසා ඇත්තේ, රාජාංගනයේ සද්ධාරතන නමැත්තා හෝ ඔහු සමග පැමිණි බව කියන පුද්ගලයන් පිළිබඳව ප්‍රකාශ ලබාදීම මෙතෙක් බළන්ගොඩ කස්සප හිමියන්ගේ පාර්ශ්වයේ සියලුදෙනා විසින් ප්‍රතික්ෂේප කරන බවයි.
මේ අතර අදාළ ගැටුමේදී හිසට තුවාල සිදුවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ රාජාංගනයේ සද්ධාරතන නමැත්තා මේ වන විට අනුරාධපුර රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart