
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිකුරාදා (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ LP ගෑස් මිල ගණන් 35% කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම පියවර ගෙන තිබේ.
ඒ අනුව රුපියල් 4,965 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 6,740 කි.
එමෙන්ම රුපියල් 1,988 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 2,720 ක් ලෙස සංශෝධනය වී තිබේ.
අන්තර්ජාතික වෙළෙඳපොළේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෑස් ආනයනය කිරීමේ පිරිවැය වැඩි වීම මෙම මිල සංශෝධනයට හේතු වූ බව එම සමාගම පවසයි.
කෙසේ වෙතත් ගෘහස්ථ සහ වාණිජ පාරිභෝගිකයින් සඳහා අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබා දීමට තමන් කැපවී සිටින බවත්, ඉදිරි මිල සංශෝධන ද ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව තීරණය වනු ඇති බවත් ලාෆ්ස් සමාගම සඳහන් කරයි.
ගෑස් තොග පවතින ස්ථාන සහ දිස්ත්‍රික් මට්ටමින් පවතින මිල ගණන් පිළිබඳ තොරතුරු 1345 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබාගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart