
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තායිවානයට නැගෙනහිරින් වූ මුහුදු තීරයේ චීනය සිදු කරන ආක්‍රමණශීලී මැදිහත්වීම් හේතුවෙන් කලාපීය ස්ථාවරත්වයට සහ නාවික ගමනාගමන නිදහසට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි G7 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරු අවධාරණය කරති. පැරිස් නුවර පැවති සාකච්ඡාවකින් පසු නිකුත් කළ විශේෂ ඒකාබද්ධ නිවේදනයක් මගින් ඔවුන් මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.
තායිවානය සිය භූමියේ කොටසක් ලෙස හිමිකම් කියන චීනය, පසුගිය ජුනි මාසයේ සිට තායිවාන නැගෙනහිර වෙරළට ඔබ්බෙන් නිත්‍ය වෙරළාරක්ෂක මුර සංචාර දියත් කරමින් සිය ක්‍රියාකාරීත්වය ඉහළ නංවා ඇත.
සිය හමුදා, අතුරු හමුදා සහ සිවිල් යාත්‍රා ඒකාබද්ධ කරමින් අනාගතයේදී තායිවානය වටා සමුද්‍රීය අවහිරයක් පැනවීමට චීනය මෙලෙස පෙරහුරු සිදු කරන බව තායිවාන බලධාරීහු පෙන්වා දෙති. ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව මීට පෙර චීනයේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වෙන් වෙන්ව සිය කනස්සල්ල පළ කර තිබුණද, G7 සංවිධානයක් ලෙස එක්ව චීනයට එරෙහිව නිකුත් කළ ප්රබලතම ප්‍රකාශය මෙය බව විදෙස් වාර්තා පවසයි.
චීනයේ මෙම ක්‍රියාකාරකම් “කලාපීය ස්ථාවරත්වය, නාවික ගමනාගමනයේ නිදහස මෙන්ම ජාත්‍යන්තර නෞකා ගමනාගමනයේ ආරක්ෂාව අනතුරේ හෙළන බව” G7 විදේශ අමාත්‍යවරු සිය නිවේදනයෙන් පෙන්වා දෙති.
“බලය යෙදවීමෙන්, බලපෑම් කිරීමෙන් හෝ එවැනි තර්ජනයක් එල්ල කිරීමෙන් පවතින තත්ත්වය ඒකපාර්ශ්විකව වෙනස් කිරීමට දරන කවර හෝ උත්සාහයකට අප දැඩි ලෙස විරුද්ධ වන බව යළිත් තහවුරු කරමු,” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමක් කළද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ඊට ක්ෂණික ප්‍රතිචාරයක් දක්වා නැත.
මේ අතර, G7 කණ්ඩායමේ මෙම ස්ථාවරය අගය කර ඇති තායිපේ නුවර තායිවාන ජනාධිපති කාර්යාලය, තායිවාන සමුද්‍ර සන්ධියේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය හා ස්ථාවරත්වය ගෝලීය ආරක්ෂාවට මෙන්ම සමෘද්ධියට තීරණාත්මක සාධකයක් බව සඳහන් කරයි.
සිය ආත්මාරක්ෂක ශක්තිය තවදුරටත් වර්ධනය කර ගැනීමට තායිවානය නිරන්තරයෙන් කැපවන බවත්, G7 සාමාජික රටවල් ඇතුළු සමාන අදහස් දරන ජාත්‍යන්තර මිතුරන් සමඟ සමීපව කටයුතු කරන බවත් ජනාධිපති කාර්යාල ප්‍රකාශිකා කැරන් කුඕ පැවසුවාය.
පසුගිය මාසයේ තායිවාන නැගෙනහිර වෙරළට ඔබ්බෙන් චීන වෙරළාරක්ෂක බලකාය සිදු කළ නවතම මුර සංචාරයෙන් පසුව තායිවානය චෝදනා කළේ, චීනය නෞකා ගමනාගමනයට බාධා කරමින් ව්‍යාජ නීතිමය අධිකාරියක් පෙන්වීමට උත්සාහ දරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart