November 12, 2026

යාල ජාතික වනෝද්‍යානයේ මහසීලව ප්‍රදේශයෙන් බේරාගන්නා ලද, මාසයක් පමණ වයසැති පිරිමි අලි පැටවකු නොවැම්බර් 7 වැනිදා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන විත් තිබේ.

ශරීරයේ පසුපස කොටසේ ඇතිවූ ආසාදිත තුවාලයක් හේතුවෙන් මෙම අලි පැටවා පෝෂණ ඌණතාවයෙන් පෙළෙමින් සිටියදී මෙලෙස සොයාගෙන ඇත.

ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය මාලක අබේවර්ධන ඇතුළු ඇත් අතුරු සෙවණේ වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, පෝෂණ අතිරේක සපයා දීම ඇතුළු අවශ්‍ය සියලුම වෛද්‍ය ප්‍රතිකාර මේ වන විට එම අලි පැටවාට ලබාදෙමින් පවතී.