
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තානයේ ප්‍රකට මාධ්‍යවේදිනියක සහ ප්‍රවෘත්ති නිවේදිකාවක වන රබියා අහ්සාන් රාවල්පින්ඩි හි පිහිටි ඇගේ නිවසේදී මියගොස් සිටියදී සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා වන අහ්සාන් තාහීර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පළමු තොරතුරු වාර්තාවට අනුව, 41 හැවිරිදි රබියා ඇගේ නිදන කාමරය තුළදී වෙඩි වැදීමෙන් මියගොස් තිබේ. සිද්ධිය වන අවස්ථාවේ ඇය සමග එකම නිවසේ විසූ ඇගේ මව සහ සොහොයුරිය නිවසේ එළිමහන් මිදුලේ සිට ඇති අතර, රබියාගේ සැමියා වන අහ්සාන් තාහීර් මෙම ඝාතනය සිදුකළ බවට පිළිගෙන ඇති බව පාකිස්තානයේ ‘සමා’ පුවත් සේවය වාර්තා කරයි.
වෙඩි ශබ්දය ඇසී රබියාගේ සොහොයුරිය වන අල්විනා වහා නිදන කාමරය වෙත දිව ගොස් ඇති අතර, ඒ වන විටත් රබියා ලේ විලක් මැද බිම වැටී සිටි බවත්, ඇගේ සැමියා අත පිස්තෝලයක් තිබූ බවත් සඳහන් වේ. පංජාබ් විද්‍යාත්මක විමර්ශන අධිකාරිය විසින් සිද්ධිය වූ ස්ථානයේ තිබී ඝාතනයට යොදාගත් මිලිමීටර් 0.30 වර්ගයේ පිස්තෝලයක් සහ ජීව පතොරම් සොයාගෙන තිබේ.
එම නිවසේ සේවය කළ පිරිමි සේවකයෙකු පොලීසියට පවසා ඇත්තේ මෙම වෙඩි තැබීම අහම්බයෙන් සිදුවූවක් බව සැමියා වන තාහීර් ප්‍රකාශ කළ බවයි. කෙසේ වෙතත්, ප්‍රශ්න කිරීම් අතරතුර අදාළ පිස්තෝලය සඳහා වන වලංගු බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට තාහීර් අපොහොසත් වී ඇත.
ලැබී ඇති තොරතුරු සහ සිද්ධියේ ස්වභාවය පදනම් කරගනිමින් පාකිස්තාන දණ්ඩ නීති සංග්‍රහයේ 302 වගන්තිය යටතේ ඝාතන චෝදනා මත නඩුවක් ලියාපදිංචි කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart