
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාරියපොළ අවුලේගම කරඳවැටිය ප්රදේශයේදී තම නිවස ඉදිරිපිට විදුලි කණුවේ විදුලිපහන නිවාදැමීමට යාමේදී විදුලි සර වැදීමෙන් අඹුසැමි යුවළක් මියගොස් තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ඊයේ (10 වැනිදා) උදෑසන මියගොස් ඇත්තේ තෙන්නකෝන්ගම කරඳවැටිය පදිංචි එස්.එම්. දේවසිරි (61) සහ ඊ.එම්. කරුණාවතී (60) නමැති සිව්දරු අඹුසැමි යුවළකි.
මෙම යුවළ ඔවුන්ගේ නිවස ඉදිරිපිට විදුලි කණුවේ සවිකර ඇති විදුලි පහන නිවාදැමීමට ගිය අවස්ථාවේදී මෙසේ දෙදෙනාටම විදුලිසර වැදී ඇති බව ඥාතීහු පවසති.
මීට කාලයකට පෙර එම නිවස අසලින් දිවෙන මාර්ගයේ ප්රධාන විදුලි රැහැන් පද්ධතියේ භූගත වයරය කැඩී ඇති අතර විදුලිබල මණ්ඩලයෙන් පැමිණි පිරිසක් එම වයරය මෙම මියගිය අයගේ නිවස අසල ඇති විදුලිපහන සහිත විදුලි කණුවේ ඔතා තබා ගොස් තිබිණ. දින ගණනාවක් මෙසේ මෙම වයරය තිබූ නමුත් කිසිවකුටත් හානියක් තිබී නොමැත.
නමුත් පෙරේදා (09) රාත්රියේ එම ප්රදේශයේ ගසක් කඩා වැටීමෙන් විදුලිරැහැන් සියල්ල කැඩීගොස් තිබූ අතර විදුලිබල මණ්ඩලයේ පිරිසක් පැමිණ එම ගස කඩා වැටුණු ප්රදේශය ප්රධාන සැපයුමෙන් විසන්ධිකර අනෙකුත් ප්රදේශවලට විදුලිය ලබාදී තිබිණි.
ප්රදේශවාසීන් චෝදනා කරන්නේ ගස කඩාවැටීමෙන් මියගිය අයගේ නිවස අසල විදුලි කණුවේ ඔතා තිබූ භූගත වයර හරහා විදුලිය පැමිණ මෙසේ විදුලිසර වැදීමක් සිදුවී ඇති බවටයි. ගස කඩාවැටුණු ප්රදේශයේ භූගත වයරය සහ සජීවී වයර් එකට ගැටී තිබූ බවද ප්රදේශවාසීහු කියති.
පෙරවරු 6.30 ට පමණ සිදුවීම වර්තා වන අතර පිරිසක් කෑ ගසන හඬ ඇසී එහි පැමිණි අයකු විදුලි සර වැදී වැටී සිටි දෙදෙනා ඉන් ගලවාගෙන නිකවැරටිය මූලික රෝහල වෙත ගෙනයාමට කටයුතු කර ඇත. රෝහල්ගත කර සුළු වේලාවකින් දෙදෙනාම මියගොස් ඇතැයි වාරියපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මගින් අනාවරණය කරගෙන ඇත.
(උපුටාගැනීම – අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart