November 10, 2026

යෝජිත අනු­රා­ධ­පුර පූජා භූමි සැලැ­ස්මට විරෝ­ධය පළකර­මින් බළ­න්ගොඩ කස්සප භික්ෂුව ඇතුළු භික්ෂූන් සහ සිවිල් පුද්ග­ල­යන් කිහිපදෙනකු ඉකුත් (07) වැනි දින ආරම්භ කළ සත්‍ය­ග්‍ර­හය අත­ර­තුර ඇති වූ නොස­න්සු­න්කාරී තත්ත්වය හේතු­වෙන් අත්අ­ඩං­ගු­වට ගත් සැක­කාර හක්ගෙඩි වාදන ශිල්පියා හෙරො­යින් සහ ගංජා පානය කර සිටි බව වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කින් අනා­ව­ර­ණය වී ඇතැයි අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලී­සිය පව­සයි.

සත්‍ය­ග්‍ර­හ­යට සහය පළකර­මින් සිටි පුද්ග­ල­යකු බාහිර පුද්ග­ල­යකු සමඟ ආර­වු­ලක් ඇති කර ගනි­මින් පොලිස් නිල­ධා­රීන් ඉදි­රියේ සාමය කඩ­වන පරිදි හැසි­රී­මේදී, ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මට යාමේදී සත්‍ය­ග්‍ර­හයේ සිටි මෙම සැක­කාර හක්ගෙඩි වාදන ශිල්පියා, පොලිස් නිල­ධා­රීන්ට සාප­රාධී බල­හ­ත්කා­රය පා, පහ­රදී තුවාල සිදුකර රාජ­කා­රි­යට බාධාකිරීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය සඳ­හන් කළේය.

මෙලෙස අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ බල­දුර රංගි­රි­ලාගේ ප්‍රසාද් සුසන්ත නමැති මල්වැව, රත්න­පුර ලිපි­නයේ පදිංචි වයස අවු­රුදු 42ක පුද්ග­ල­යෙකි.

මෙම පහ­ර­දීම හේතු­වෙන් අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලිස් ස්ථාන­යට අනු­යුක්ත උප පොලිස් පරී­ක්ෂක පී. ඩබ්. එන්. විතාන (වයස අවු. 48) සහ පොලිස් කොස්තා­පල් සෙනෙ­වි­රත්න (107320) (වයස අවු. 23) යන නිල­ධා­රීන්ට තුවාල සිදුවී ඇති අතර, ඔවුන් අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 11 හි ප්‍රති­කාර ලබන බව මූල­ස්ථාන පොලී­සිය සඳ­හන් කළේය.

සැක­කාර හක්ගෙඩි වාදන ශිල්පියා අත්අ­ඩං­ගු­වට ගෙන වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව, ඔහු හෙරො­යින් සහ ගංජා පානය කර සිටි බවට වෛද්‍ය වාර්තා මඟින් අනා­ව­ර­ණය වී ඇති බව පොලී­සිය සඳ­හන් කළේය.

ඒ අනුව, අදාළ සැක­කරු අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව එළ­ඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළ බවද පොලී­සිය පව­සයි.

මේ අතර, මෙම සිද්ධි­යට සම්බන්ධ තවත් සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා පොලිසිය වැඩි­දුර විම­ර්ශන සිදුකරයි.

සත්‍ය­ග්‍ර­හය සහ අට්ටා­ලය එම ස්ථාන­යෙන් ඉවත් කරන ලෙසට අධි­ක­රණ නියෝග ලැබු­ණද, තුන්වැනි දින­ටත් ඊයේ (09) අඛ­ණ්ඩව සත්‍ය­ග්‍ර­හය පව­ත්වනු ලැබීය.(දිනමිණ)