
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජනතාවට වඩාත් පහසුවෙන් සේවාවන් සපයා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිය එක්දින සහ සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු පවසයි.
නව වැඩපිළිවෙළ යටතේ එක්දින සේවාවන් ලබා ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ.
නව වාහන ලියාපදිංචිය, වාහන හිමිකම් පැවරීම, රියදුරු බලපත්‍ර සේවාවන් සහ තාක්ෂණික ගැටලු විසඳීම ඇතුළු සියලුම එක්දින සේවාවන් සඳහා මෙලෙස වේලාවන් වෙන්කරවා ගත යුතුය.
පහත සඳහන් දිස්ත්‍රික් කාර්යාල වෙත ඇමතුම් ලබා දීමෙන් මෙම වේලාවන් වෙන්කරවා ගත හැක:
කොළඹ: 011 2 117 116
ගම්පහ: 033 2 117 116
කුරුණෑගල: 037 2 117 116
හම්බන්තොට: 047 2 117 116
අනුරාධපුරය: 025 2 117 116
යාපනය: 021 2 117 116
කෙසේ වෙතත්, ඉහත සඳහන් කළ දිස්ත්‍රික් කාර්යාල මගින් සිදු කරනු ලබන්නේ නව යතුරුපැදි ලියාපදිංචි කිරීම් පමණි.
ඊට අමතරව, දෙපාර්තමේන්තුවේ නිල මාර්ගගත වේලාවන් වෙන්කිරීමේ පද්ධතිය වන [https://dmtappointments.dmt.gov.lk](https://dmtappointments.dmt.gov.lk) සබැඳිය ඔස්සේ ද පාරිභෝගිකයින්ට වේලාවන් වෙන්කරවා ගත හැක.
එමෙන්ම, සාමාන්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීම අවශ්‍ය නොවේ.
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට අමතරව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ පිහිටි දිස්ත්‍රික් කාර්යාල වෙත ද සාමාන්‍ය වාහන හිමිකම් පැවරීමේ ලේඛන භාර දීමට මහජනතාවට පහසුකම් සලසා ඇත.
මෙම පහසුකම් පුළුල් කිරීම තුළින් දෙපාර්තමේන්තු සේවාවන් ලබා ගැනීම වඩාත් පහසු වන අතර මහජනතාවට වඩාත් කාර්යක්ෂමව සේවාවන් ලබා ගැනීමට හැකි වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart