
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය, මන්ඩතිව් ප්‍රදේශයේ යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ලබන සතියේ නැවත ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මෙම ව්‍යාපෘතියට අදාළව ලබාගත යුතු සියලුම පූර්ව අනුමැතීන්, නිශ්කාශන සහ සහතික දැනටමත් ලබාගෙන ඇති අතර, ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීමේ ක්රියාවලියද සම්පූර්ණ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
මේ අතර, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඊයේ එම ක්‍රීඩාංගණ භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි වත්මන් තත්ත්වය සහ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කළේය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී, වර්ෂා කාලයේදී මෙම භූමිය ජලයෙන් යටවන බවට ඇතැම් පාර්ශ්වයන් එල්ල කර තිබූ චෝදනා පිළිබඳවද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂාවේදී එම චෝදනා සහ මුළුමනින්ම පදනම් විරහිත බව තහවුරු වූ බවයි.
අවශ්‍ය සියලුම පාලන අනුමැතීන් සහ නීතිමය පියවර මේ වන විට අවසන් කර ඇති බැවින්, ලබන සතියේදී ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, එය උතුරු පළාතේ ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනයට මග පාදනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart