
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය විසින් ස්වයංක්‍රීයව නිෂ්පාදනය කරන ලද, මගීන් ප්‍රවාහනය කළ හැකි ‘EH216-S’ වර්ගයේ නියමුවන් රහිත ගුවන් යානය කොළඹ වරාය නගර පරිශ්‍රයේදී සාර්ථක ලෙස මූලික පරීක්ෂාව සඳහා පියාසැරියක නිරත විය.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මෙම සාර්ථක පියාසර කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙමින් කියා සිටියේ, පරිසර හිතකාමී සහ තාක්ෂණිකව දියුණු ගුවන් ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ විශාල හැකියාවක් මේ ඔස්සේ පෙන්නුම් කරන බවයි.
තානාපති කාර්යාලයට අනුව, මෙම පරීක්ෂණ අදියරේ පියාසැරිය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය, කලාපීය සම්බන්ධතාවය සහ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කළ හැකි අඩු උන්නතාංශයක ක්‍රියාත්මක වන සංචරණ විසඳුම් හඳුන්වා දීම සඳහා වන පියවරක් සනිටුහන් කරයි.
‘EH216-S’ යනු ගුවන් නියමුවකුගේ සහයකින් තොරව ස්වයංක්‍රීයව මගීන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ගුවන් යානයකි.
අනාගතයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත ගමන් කිරීම සඳහාද මෙවැනි ගුවන් යානා භාවිත කිරීමේ හැකියාව පවතින බව චීන තානාපති කාර්යාලය ඉඟි පළ කරයි.
“ඍජුවම ගුවන්තොටුපොළ වෙත පියාසර කරන දිනය ඔබ සිතනවාටත් වඩා ආසන්න විය හැකියි!” යනුවෙන් තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart