
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ‘එල් නීනෝ’ බලපෑම හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කලින්ම අනතුරු අඟවා තිබියදීත්, කොළඹ නගරයේ කාණු පද්ධතිය සුද්ධ පවිත්‍ර කිරීමට පියවර නොගත් කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව හෝ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඇයව ධුරයෙන් ඉවත් කළ යුතු බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරක්කාර් පැවසීය.
ආපදා කළමනාකරණ මණ්ඩලයේද සාමාජිකයකු වන මරික්කාර් වැඩිදුරටත් සඳහන් කළේ, නිසි වේලාවට කාණු සහ බෝක්කු සුද්ධ පවිත්‍ර කළේ නම් ඉකුත් සිකුරාදා කොළඹ නගරය මෙලෙස ජලයෙන් යට නොවනු ඇති බවයි.
“කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව මීට පෙර අවස්ථාවලදී කොළඹ නගරයට මීටත් වඩා අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. 1992 වසරේදී මිලිමීටර් 400 කට වැඩි වර්ෂාපතනයක් වාර්තා වුණා. නමුත් අතීතයේදී කිසිදිනක කොළඹ ජාතික රෝහල වැනි වැදගත් ස්ථාන මෙලෙස ජලයෙන් යට වුණේ නැහැ,” යනුවෙන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම කොළඹ නගරාධිපතිනිය නියෝජනය කරන ජාවත්ත කොට්ඨාසය පවා ඉකුත් සිකුරාදා ජලයෙන් යටවූ බව ද ඔහු පැවසීය.
කොළඹ මහ නගර සභාව, කොළඹ ජනතාවට ඉටුකළ යුතු සේවය සම්පූර්ණයෙන්ම අතපසු කර ඇති බවත්, ත්‍රිරෝද රථ රියදුරකු වූ මුහම්මද් උවයිස් එමිතියාස් නගරාධිපතිවරයාව සිටි සමයේ කොළඹ මහ නගර සභාව මීට වඩා බෙහෙවින් හොඳින් කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.
මීට අමතරව, ආපදාවෙන් පසු කොළඹ නගරයේ පැවැත්වූ කිසිදු සාකච්ඡාවකට මහ නගර සභාවේ විපක්ෂ නායකවරයාට හෝ විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකුට ආරාධනා නොකිරීම පිළිබඳවද මරික්කාර් මෙහිදී චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart