
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුර බෝට්ටු සවාරියක නිරත වෙමින් සිටි ඊශ්‍රායල සංචාරකයකු දේශීය සංචාරක මගපෙන්වන්නකු මුහුදට තල්ලු කර දමන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
රුසියානු මාධ්‍ය ජාලයක් වන ‘RT’ මගින් ප්‍රසිද්ධියට පත්කර ඇති මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, සංචාරකයන් පිරිසක් බෝට්ටුවේ ගමන් කරමින් සිටියදී වතුර බෝතලයක් පානය කරමින් සිටි ශ්‍රී ලාංකික මගපෙන්වන්නා හදිසියේම පිටුපසින් පැමිණි ඊශ්‍රායල ජාතිකයකු විසින් මුහුදට තල්ලු කර දමන අයුරුයි. සංචාරකයන්ගේ මෙම අනිසි හැසිරීම පිළිබඳව ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කළ ඊශ්‍රායල ජාතික මාධ්‍යවේදී ඩැනියෙල් අම්රාම් සිද්ධියට අදාළ සංචාරකයන්ගේ ප්‍රකාශයක් ද ඉදිරිපත් කර තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ මෙය විහිළුවට කළ දෙයක් බවත්, මගපෙන්වන්නාට හානියක් කිරීමට අදහස් නොකළ බවත්ය.
“ඒක විහිළුවට කරපු දෙයක්, ඔහු හොඳින් ඉන්නවා. තව මාසයකින් හමුදාවට බැඳෙන්න ඉන්න අපිට මේ වගේ වෛරී ප්‍රතිචාර ලැබෙන්න ඕන නැහැ,” යනුවෙන් අදාළ සංචාරකයින් පවසා ඇත.
කෙසේ වෙතත්, සංචාරකයන්ගේ මෙම පැහැදිලි කිරීම ද සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි පිළිකුලට හා විවේචනයට ලක්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් උණුසුම් කතාබහක් නිර්මාණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart