
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසි ගංවතුර තත්ත්වයන් වැනි ආපදා අවස්ථාවලදී ඵලදායී සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අදාළ රාජ්‍ය ආයතනවලින් සමන්විත විශේෂ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කාර්ය සාධක බලකායක් කොළඹ මහා නගර සභාවේ නායකත්වය යටතේ පිහිටුවීමට නියමිතය.
කොළඹ ප්‍රදේශයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයට හේතු පරීක්ෂා කිරීම සහ නැවත එවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්ෂණික පියවර හඳුනාගැනීම වෙනුවෙන් ඊයේ (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනාථ කුමානායක විසින් මෙම උපදෙස් ලබාදී ඇත.
පැය එකහමාරකට ආසන්න කාලයකට උචිත ලෙස සකස් කර තිබූ පවත්නා කානු පද්ධතියේ ධාරිතාව ඉක්මවා යමින් පැයක් ඇතුළත මිලිමීටර් 129 ක පමණ අධික වර්ෂාපතනයක් ඇදහැළුණු බව කොළඹ මහනගර සභා නිලධාරීහු මෙම හමුවේදී පෙන්වාදී තිබේ.
වැඩිවන ගංවතුර අවදානමට මුහුණදීම සඳහා කොළඹ කානු පද්ධති හා ජලාපවහන යටිතල පහසුකම් ඉහළ නැංවීමේ කෙටි, මධ්‍යම සහ දිගුකාලීන පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
අවිධිමත් ලෙස කැලිකසළ බැහැර කිරීම හේතුවෙන් ප්‍රධාන කානු සහ ඇල මාර්ග කිහිපයක් අවහිර වී වැසි ජලය බැස යාමට බාධා පැමිණ ඇති බව නිලධාරීහු පෙන්වාදී තිබේ. ඒ අනුව අවහිර වූ ජල මාර්ග වහාම සුද්ධ පවිත්‍ර කිරීමේ සහ විධිමත් නොවන ලෙස කැලිකසළ බැහැර කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර තිබේ.
කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ සිදුව ඇති අනවසර ඉදි කිරීම් ද කානු පද්ධති සහ ඇල මාර්ග අවහිර වීමට තවත් හේතුවක් ලෙස හඳුනාගෙන ඇති අතර, එවැනි ඉදි කිරීම් ඉවත් කිරීමට සහ ඉන් බලපෑමට ලක්වන පදිංචිකරුවන් සුදුසු විකල්ප ස්ථානවල නැවත පදිංචි කිරීමට සැලසුම් සකස් කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇත.
කැලිකසළ නිසි පරිදි බැහැර කිරීම සහ ජල මාර්ග බාධාවලින් තොරව පවත්වාගෙන යාම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම ද මෙම හමුවේදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
මෙම අවස්ථාවට කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තසාර්, උප නගරාධිපති හේමන්ත කුමාර ඇතුළු කොළඹ මහා නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අනෙකුත් අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart