
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දී ඇති අසාද් මවුලානා අහුන්ගල්ලේ පිහිටි හෝටලයක නවාතැන් සඳහා කාමර වෙන් කරවා ගැනීමට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොළඹ, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හෝටලයේ කළමනාකාරිත්වයට නියෝග කළේය.
මේ වාර්තා ලබාගැනීම සඳහා අදාළ හෝටලයට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු ඔහු මේ නියෝගය නිකුත් කළේය. 2020 අගෝස්තු 15, 16 යන දෙදින අහුන්ගල්ලේ පිහිටි ‘රියූ’ නම් හෝටලයේදී සුරේෂ් සලේ සහ තමා හමු වූ බව දැනට විදේශගතව සිටින පිල්ලෙයාන්ගේ ලේකම්වරයකු වූ අසාද් මවුලානා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දෙමින් සඳහන් කර තිබිණි.
එවැනි හමුවක් සිදු නොවූ බව සුරේෂ් සලේ තරයේ ප්‍රකාශ කර තිබුණත්, වෙනත් සාක්ෂි මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබුණේ අදාළ දිනවල එවැනි හමුවක් සිදු වී ඇති බවයි. අදාළ කරුණු තවදුරටත් සනාථ කරගැනීම සඳහාත්, ඊට අදාළ විමර්ශන ඉදිරියට පවත්වාගෙන යෑම සඳහාත් මේ තොරතුරු අවශ්‍ය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සුරේෂ් සලේ ඇතුළු තිදෙනකු සම්බන්ධ වී ඇති බවත්, ඒ පිළිබඳ දැනුවත්භාවයෙන් සිට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 4 දා අධිකරණය ඉදිරියේ සඳහන් කළේය. සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ විමර්ශනවලදී මෙන්ම හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රසාද් රණසිංහ සහ නිශාන්ත සොයිසාගේ ප්‍රකාශවලින්ද අතිශය සංකීර්ණ සහ ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය වී ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම්දුන්නේය.
(උපුටාගැනීම – සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart