November 7, 2026

මෙරට ක්‍රියාත්මක මෑන්පවර් ශ්‍රම ක්‍රමය අහෝසි කිරීම සඳහා රජය මේ වන විට නව පනතක් කෙටුම්පත් කරමින් සිටින බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය.

අද (07) කොළඹදී පැවැති ජාතික වෘත්තීය සමිති සම්මේලනය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, සෘජු රැකියාවක නිරතවෙමින් සේවය සපයන සේවකයන් වෙනුවෙන් මැදිහත්කරුවකුට මුදල් ගෙවීමේ ක්‍රමය රජය අනුමත නොකරන බව ප්‍රකාශ කළේය.

එසේම, මෑන්පවර් සේවකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සහ ඔවුන්ට ස්ථිර රැකියා ලබාගැනීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා පැවැති අරගලය ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කරන බවද ඔහු අවධාරණය කළේය.