
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 231.42කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” සහ “හෂීස්” නමැති මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ විදේශිකයකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (07) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි Batik Air සේවයට අයත් OD-297 දරන ගුවන් යානයෙන් අද අලුයම 12.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.
සැකකරුගේ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී, ‘සියඹලා ටොෆි’ ලෙස ලේබල් කරන ලද ටින් 4ක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් සහ ග්‍රෑම් 102ක් සොයාගැනීමට නිලධාරීහු සමත් වූ අතර, ටොෆි හැඩයට සකස් කර පාර්සල් 6ක සඟවා තිබූ තවත් ‘හෂීස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් සහ ග්‍රෑම් 260ක් ද නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමේ අරමුණින් අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart