
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවකට අදාළව කොළඹ මහා අධිකරණය මගින් අද ඇප නියම කෙරුණු හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම, එම ඇප කොන්දේසි සපුරා ගැනීමට අපොහොසත් වීම නිසා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල විසින් විත්තිකරුට ඇප නියම කරන ලදී. නමුත් අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහු නැවත බන්ධනාගාරය වෙත ගෙන ගිය අතර, නඩුව නැවත විභාගයට ගන්නා නොවැම්බර් 25 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙනු ඇත.
මේ අතර, විත්තිවාචිකය කැඳවීමකින් තොරව බෝගොල්ලාගම නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, විත්තිවාචකය ඉදිරිපත් කරන ලෙස විත්තියට නියෝග කළේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළ බෝගොල්ලාගම, මෙම දූෂණ නඩුවට අදාළව දිගින් දිගටම අධිකරණයේ පෙනී සිටීමට අපොහොසත් වීම නිසා මීට පෙරද රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මහාධිකරණය විසින් වරෙන්තු කිහිපයක්ම නිකුත් කර තිබූ අතර, නඩු විභාගයට දිගින් දිගටම පැමිණීම මගහැරීම නිසා 2025 වසරේදී ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට පියවර ගැනුණි.
2006 වසරේදී ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය විසින් ලන්ඩන් නුවර පවත්වන ලද ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනකදී හෝටල් නවාතැන් සහ ප්‍රදර්ශන වියදම් වෙනුවෙන්, භාණ්ඩාගාර රෙගුලාසිවලට පටහැනිව රුපියල් මිලියන 1.5 කට අධික මුදලක් අනුමත කිරීමට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 2020 වසරේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරන ලදී.
මෙම ගනුදෙනුවට අදාළව හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් පනත යටතේ දූෂණ චෝදනා එල්ල වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නඩු විභාගය නොවැම්බර් 25 වනදා දක්වා කල් තැබූ මහා අධිකරණය, එදිනට විත්තිකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart