
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන පද්ධතියක් ස්ථාපනය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 4.26 ක අතිරේක ප්රතිපාදනයක් වෙන් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන්කරවා ගැනීමට අදාළ 2026 අංක 08 දරන අතිරේක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලට අනුව, වෙනස් වන ආරක්ෂක සහ පාරිසරික අභියෝගවලට මුහුණ දීම සඳහා ගුවන් හමුදාවේ මෙහෙයුම් ක්ෂමතාව සහ හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීම මෙම මුදල් වෙන්කිරීමේ ප්‍රධාන අරමුණයි.
වෙනස් වන මෙහෙයුම් පරිසරය, බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපයේ ඇතිවිය හැකි ස්වාභාවික ව්‍යසන අවදානම් මෙන්ම දිගින් දිගටම පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ මතුවන තර්ජන සැලකිල්ලට ගනිමින් මෙම යෝජිත ඩ්‍රෝන පද්ධතිය ස්ථාපනය කිරීමට නියමිතය.
මෙම ප්රතිපාදනය ඒකාබද්ධ අරමුදල, සූදානම් කළ වෙනත් රාජ්‍ය අරමුදල් හෝ රජයේ ණය ලබාගැනීම් හරහා පියවා ගැනීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart