
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බාල ගල් අඟුරු ආනයන ගැටලුවේදී රජය විසින් අත්හිටුවන ලද සැපයුම්කරුගේ ගෙවීම් සහ ලබාගත් බැඳුම්කර මුදල් මගින් සමස්ත පාඩුව පියවුණු බවට කරන ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රතික්ෂේප කරයි. අත්හිටවූ මුදල් සහ සිදු වූ හානිය සම්පූර්ණයෙන්ම වෙනස් කරුණු දෙකක් බව ඔහු පෙන්වා දෙයි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක කාර්යසාධන බැඳුම්කරය සහ රුපියල් බිලියන 9ක නොගෙවූ මුදල් යනු ගිවිසුම්ගත ආරක්ෂණ ක්‍රමවේද පමණි. එමගින් භාණ්ඩාගාරය යම් ප්‍රමාණයකට ආරක්ෂා වන නමුත් සැබෑ අලාභය පියවුණු බව නීත්‍යානුකූලව සනාථ නොවේ.
කොන්ත්‍රාත් කොන්දේසි සහ අවසාන හානි පූර්ණ ඇගයීම් මත පදනම්ව මිස, මෙම මුදල් සෘජුවම අලාභයට හිලව් කළ නොහැකි බව නීතිමය හා මූල්‍ය විචාරකයෝ පවසති. නීතිමය අභියෝග හමුවේ මෙම මුදල් නැවත අහිමි වීමේ අවදානමක් ද පැවතිය හැකිය.
ඒ අනුව මෙම මුදල් හිලව් කිරීම් සම්බන්ධයෙන් රජය විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, අලාභය ඉබේම නැති වී ගිය බවට කරන ප්‍රකාශ මහජනතාව මුලා කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ රජය මූල්‍ය සහතික දීමට වඩා, විද්‍යාත්මක සහ නීතිමය පදනමකින් යුතු සැබෑ අලාභය පිළිබඳ තක්සේරුවක් ඉදිරිපත් කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart