
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නැගී එන පිතිකරු පවන් රත්නායක, දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ICC නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 20 ක් ඉදිරියට පැමිණෙමින් 16 වැනි ස්ථානය දක්වා ඉහළට ගමන් කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන පරිදි, පවන් රත්නායක මෙම සුවිශේෂී ඉදිරිගමන සටහන් කර ඇත්තේ, එංගලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 118 න් පසුව, ලාහෝර් හි පැවැති තෙකොන් එක්දින තරගාවලියේ අවසාන මහා තරගයේදී පාකිස්තානයට එරෙහිව ලබාගත් සටන්කාමී ලකුණු 77 ත් සමඟිනි.
මෙම නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, පවන් රත්නායක මේ වන විට ලොව හොඳම එක්දින පිතිකරුවන් 20 දෙනා අතරට එක්ව සිටියි.
මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 132 කදී ලකුණු 167 ක් රැස්කළ එංගලන්තයේ බෙන් ඩකට්, එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් සිය ක්‍රිකට් දිවියේ හොඳම ශ්‍රේණිගත කිරීම වන 6 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.
එමෙන්ම, තුන්කොන් තරගාවලියේ අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රාහී ලකුණු 127 ක් රැස්කළ පාකිස්තානයේ ෆකාර් සමාන්, ස්ථාන 9 ක් ඉදිරියට පැමිණෙමින් 37 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.
ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් දෙස බැලීමේදී, කේප්ටවුන් හි පැවැති 3 වැනි ටෙස්ට් තරගයේදී කඩුලු 9 ක් දවාගත් ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක්, දකුණු අප්‍රිකාවේ මාර්කෝ ජැන්සන් අභිබවා යමින් නැවතත් අංක 1 ස්ථානය තමා සතු කරගැනීමට සමත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart