
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික අර්බුදය, රැකියා විරහිතභාවය සහ රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව තරුණ තරුණියන් හැලොවීන් සැමරුම් හරහා විරෝධතා දැක්වීම වැළැක්වීම සඳහා බීජිං, ෂැංහයි සහ හැංජෝ යන නගරවල ආරක්ෂාව දැඩි කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ. The Epoch Times පුවත් සේවය සඳහන් කරන්නේ ඔක්තෝබර් 31 වනදා මෙම පියවර ගෙන ඇති බවයි.
දේශීය වාර්තා උපුටා දක්වමින් TET පුවත් සේවය පවසන්නේ, ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල පොලිස් ආරක්ෂාව තර කර ඇති අතර ඇතැම් විනෝදාස්වාද ස්ථාන විසින් හැලොවීන් ඇඳුම්, මුහුණු ආවරණ සහ වේශ නිරූපණයන් සඳහා සීමා පැනවූ බවයි.
2023 වසරේදී කොවිඩ් සීමාකිරීම් සහ රජයේ ක්‍රියාකලාපයන්ට එරෙහිව ෂැංහයි තරුණයන් වීදි බැස විරෝධය පෑ තැන් පටන් චීනය තුළ හැලොවීන් සැමරුම දේශපාලනිකව සංවේදී මාතෘකාවක් බවට පත්ව ඇත.
මෙවරද ෂැංහයි හි චැංග්ලේ, යූයුවාන් සහ දකුණු ෂැන්සි යන මාර්ගවල විශාල තරුණ පිරිසක් රැස්ව සිටි අතර, එම ස්ථාන අවට ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් රථ යොදවා තිබූ බව සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මීට අමතරව, ආලෝකකරණ පද්ධතිවල නඩත්තු කටයුතු හේතුවෙන් ෆූක්සිං උද්‍යානයේ රාත්‍රී අංග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබූ අතර, ජනතාව පාලනය කිරීම සඳහා වීදි පුරා යකඩ බාධක පවා යොදවා තිබූ බව TET වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart