
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය, මීපිලිමාන ප්‍රදේශයේ කුලියට ගත් නිවසක් තුළ බාබකියු උදුනකින් විෂ සහිත දුම ආඝ්‍රාණය වීමෙන් අඹුසැමි යුවළක් මිය ගොස් ඇති බව වාර්තා වේ.
පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි නාවිකයකු සහ ඔහුගේ 46 හැවිරිදි බිරිඳ බවයි.
මෙම යුවළ මීපිලිමාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිකිරීමේ කටයුතුවල නියැලී සිට ඇති අතර ඉදිකිරීම් භූමිය අසල කුලියට ගත් නිවසක තාවකාලිකව නවාතැන් ගෙන ඇත.
නුවරඑළියේ පැවැති අධික ශීත කාලගුණය හේතුවෙන් මෙම යුවළ තම කාමරය තුළ බාබකියු උඳුනක් දල්වා ඇති බවත්, උඳුන දැල්වෙමින් තිබියදී නින්දට ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
අඟහරුවාදා (03) අලුයම ඥාතීන් විසින් ඔවුන් දෙපළට දුරකතන ඇමතුම් ලබාදී ඇති නමුත් ඒවාට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීමෙන් පසුව ඥාතීන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දී නිවස පරීක්ෂා කිරීමේදී අඹුසැමි යුවළ මියගොස් සිටිනු දැක ඇත.
පසුව සිද්ධිය පිළිබඳව නානුඔය පොලිසියට දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart