
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකාවේ පවතින ගෘහස්ථ LP ගෑස් හිඟයට පිළියම් යොදමින්, හම්බන්තොට පර්යන්තය හරහා නැවත බෙදාහැරීම් ආරම්භ කිරීම සඳහා අදාළ නියාමන අනුමැතීන් ලබාගැනීමට බලාපොරොත්තු වන අතරතුර, නොවැම්බර් මාසය තුළ LP ගෑස් මෙට්‍රික් ටොන් තොග රැගත් නෞකා 3ක් දිවයිනට ගෙන්වා ගැනීමට ලාෆ්ස් ගෑස් සමාගම කටයුතු යොදා තිබේ.
සමාගම සඳහන් කරන පරිදි, ‘OQT’ වෙතින් ඇණවුම් කරන ලද පළමු ගෑස් නෞකාව නොවැම්බර් 12 ත් 14 ත් අතර කාලය තුළ හම්බන්තොට වරායට ළඟාවීමට නියමිත අතර, ‘Geogas’ වෙතින් ගෙන්වන නෞකාව නොවැම්බර් 15 ත් 17 ත් අතර කොළඹ වරායට පැමිණීමට නියමිතය. මීට අමතරව ‘OQT’ වෙතින් ගෙන්වනු ලබන තෙවැනි නෞකාව නොවැම්බර් 24 ත් 28 ත් අතර කාලයේදී හම්බන්තොටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේවෙතත්, මෙම දින සමුද්‍රීය නාවික කටයුතු, වරාය මෙහෙයුම් සහ අදාළ නියාමන අනුමැතීන් මත පදනම්ව වෙනස් විය හැකි බවද සමාගම පවසයි.
අදාළ ගෑස් තොග දිවයිනට පැමිණ නිල අනුමැතීන් ලැබීමෙන් අනතුරුව, හම්බන්තොට පර්යන්තයෙන් ගෘහස්ථ බෙදාහැරීම් සඳහා අවශ්‍ය අවසරයන්ට යටත්ව, රට පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු අදියරයෙන් අදියර ආරම්භ කිරීමට නියමිතය.
පවතින ගෑස් හිඟය හේතුවෙන් ගෘහස්ථ පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදු වූ අපහසුතාවයන් පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලාෆ්ස් ගෑස් සමාගම සිය කණගාටුව පළ කර ඇති අතර, ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තමන් කැපවී සිටින බව ප්‍රකාශ කර ඇත.
මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන නාවික ප්‍රවාහන කටයුතුවලට එල්ල වී ඇති බාධා හේතුවෙන් අන්තර්ජාතික LP ගෑස් සැපයුම් දාමයට බලපෑම් එල්ල වී ඇති බවත්, එය ශ්‍රී ලංකාව ඇතුළු ගෑස් ආනයනය කරන රටවල මිලදී ගැනීම් සහ ප්‍රවාහන කටයුතුවලට දැඩි ලෙස බලපා ඇති බවත් සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර, ලාෆ්ස් ගෑස් සමාගමට අනුබද්ධ ලාෆ්ස් ටර්මිනල්ස් සමාගම, ගෘහස්ථ ගෑස් සැපයුම සඳහා හම්බන්තොට පර්යන්තය භාවිත කිරීමට මාස තුනක තාවකාලික අවසරයක් ඉල්ලා තිබේ. 2019 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 65 ක ආයෝජනයකින් ආරම්භ කරන ලද මෙට්‍රික් ටොන් 30,000 ක ගබඩා ධාරිතාවයකින් යුත් මෙම පර්යන්තය, ශ්‍රී ලංකාවේ පවතින විශාලතම LP ගෑස් ප්‍රතිග්‍රහණ, ගබඩා කිරීමේ සහ නැවත ප්‍රතිඅපනයන පර්යන්තය වේ.
කෙසේවෙතත්, ආයෝජන මණ්ඩලයේ (BOI) වාණිජ මධ්‍යස්ථාන රාමුව යටතේ පවතින නියාමන කොන්දේසි හේතුවෙන්, හම්බන්තොට පර්යන්තයේ සිට දේශීය පාරිභෝගිකයින් සඳහා ගෑස් නිකුත් කිරීම සීමා වී ඇත. පවතින නීතිරීතිවලට අනුව, දේශීය වෙළෙඳපොළට නිකුත් කළ හැක්කේ වාර්ෂික නැවත ප්‍රතිඅපනයන පිරිවැටුමෙන් සියයට 40 ක ප්‍රමාණයකට යටත්ව පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart