November 4, 2026

බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමුවීම සඳහා බෞද්ධ භික්ෂුවක් ඊයේ(03) පාර්ලිමේන්තුවට වැඩම කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල නාමල් රාජපක්ෂ රැඳී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාල කාමරය මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති ස්ථානයකි.

පක්ෂ හිතවතුන් මෙන්ම පොහොට්ටුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ද ඔහු හමුවීමට එම ස්ථානයට නිතර පැමිණීම සුලබ දසුනක් බවට පත්ව තිබේ.

පසුගිය දිනවල ආණ්ඩුවට විරෝධය පළකරමින් මහනුවර සිට කොළඹට පාගමනින් පැමිණි කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි මෙම භික්ෂුව ඊයේ එම කාමරයට වැඩම කර ඇත්තේ නාමල් රාජපක්ෂ හමුවීම සඳහා බව වාර්තා සඳහන් කරයි.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, අදාළ භික්ෂුව දවස පුරාම පාහේ එම කාමරයේ රැඳී සිට තිබීමද විශේෂත්වයකි.