
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ පැවැත්වෙන ‘බිම්ස්ටෙක්’ සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසයට එක්ව සිටි ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකු හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ‘එස්.එල්.එන්.එස්. ගජබාහු’ නෞකාවේ සේවයේ නියුතුව සිටි කමාන්ඩර් එස්.ඒ.එස්.එම්. සමරකෝන් ය. ඔහු නොවැම්බර් 02 වන දින ඉන්දියාවේ ශ්‍රී විජයපුර හිදී මියගොස් ඇති බව වාර්තා වේ.
එම නිලධාරියාගේ අකල් වියෝව පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සිය කණගාටුව සහ ශෝකය පළ කර ඇත.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුව, කමාන්ඩර් සමරකෝන් මහතා ඉන්දියාවේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසයට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදා ඛණ්ඩයේ සාමාජිකයෙකි.
ඔහුගේ දේහය ඊයේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් කොළඹට රැගෙනවිත් ඇති අතර දේහය මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නැවත වරක් සිය බලවත් ශෝකය ප්‍රකාශ කළේය.
බෙංගාල බොක්ක ආශ්රිත බහු-ක්ෂේත්‍ර තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වන පියවර (BIMSTEC) යනු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු සාමාජික රටවල් හතක් අතර ආරක්ෂක හා සමුද්‍රීය ක්ෂේත්‍ර ඇතුළු අංශ රැසක සහයෝගීතාව ප්‍රවර්ධනය කරන කලාපීය සංවිධානයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart