
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්අඟුරු ප්‍රමිතිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ වාර්තා වහාම ප්‍රසිද්ධ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අවධාරණය කරයි.
නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වීම් සහ මෑතකදී සිදු වූ දීපව්‍යාප්ත විදුලි බිඳවැටීමට මෙම බාල ගල්අඟුරු බලපෑවේද යන්න සෙවිය යුතු බව ද මන්ත්‍රීවරයා පවසයි.
මෙම මහා පරිමාණ අර්බුදය පිටුපස ඇති ප්‍රධාන සාධකය වන්නේ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට ආනයනය කරන ලද බාල ගල්අඟුරු තොගයි. නියමිත කැලරි වටිනාකම නොමැති වීම හේතුවෙන් විදුලි ජනනය සඳහා බලාගාරයට නියමිත ප්‍රමාණයට වඩා වැඩි ගල්අඟුරු ප්‍රමාණයක් දහනය කිරීමට සිදු විය.
මේ හේතුවෙන් රජයට සිදු වූ සෘජු හා වක්‍ර අලාභය රුපියල් බිලියන 18.36ක් ලෙස ගණනය කර ඇත. මීට අමතරව, බාල ගල්අඟුරු නිසා ජාතික විදුලි බලපද්ධතියේ අස්ථාවරත්වයක් නිර්මාණය වූ අතර හදිසි තාප විදුලිය මිලදී ගැනීමට ද සිදු විය.
මෙම තත්ත්වය හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍රසූත්‍රවලට සිදු වූ මෙහෙයුම් හානිය පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව ඇත. බාල ඉන්ධන භාවිතය මගින් දීර්ඝ කාලීනව යන්ත්රසූත්ර විනාශ වීමේ අවදානමක් පවතී.
එවන් පසුබිමක් තුළ මහජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය ඇති අතර, තාක්ෂණික හා මෙහෙයුම් පාඩුව පිළිබඳ නිසි ඇගයීමක් සිදු කළ යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැඩිදුරටත් පවසයි.
(03)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart