
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සිට ක්‍රියාත්මක කරමින් අන්තර්ජාලය ඔස්සේ සූක්ෂ්ම මූල්‍ය වංචා සහ වෙනත් නීති විරෝධී ක්‍රියාවල නිරත වූ බවට සැකකෙරෙන විදේශිකයන් පිරිසක් කොළඹ, මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් තුළ මෙම නීතිවිරෝධී ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර, එහිදී මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන විදේශිකයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් විය.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයන් 12 දෙනකු, බංග්ලාදේශ ජාතිකයන් 06 දෙනකු සහ ඉන්දියානු ජාතිකයන් 03 දෙනකු සිටින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart